Wednesday, August 17, 2016

මට මේකට විසදුමක්

මම බැඳලා අවුරුද්දයි. අඳුරගෙන වැඩි කල් යන්න කලින් marry කළා. එයාගේ කියන්න තරං වරදක් නැ. අත්තමටම කිව්වොත් දැන් කාලේ කෙල්ලෝ දිහා බැලුවම හරිම හොඳයි. යාලුවෙලත් නෙවෙයි යෝජනාවකින් කසාද බැන්දේ. මගේ නැන්දගේ හොඳම යාලුවෙක්ගෙ දුව. නැන්දයි තාත්තයි තමයි මගුල කතා කරෙත්.
දෑ වැද්දක් නම් ලැබුනේ නෑ. ඉගෙන ගෙන තියෙනවා, යමක් කමක්. බන්දටත් පස්සේ තමයි මේ ලඟදි ඉඳල ජොබ් එකකට යන්නේ.

කෙල්ලගේ ලොකු වරදක් මට පෙන්නේ නැ. උයනවා හැම දේම කරනවා. මගේ ම අම්ම නෑ, පුංච් අම්ම එක්ක පොඩි කලේ ඉඳන් හිටියේ. එයත් හරිම හොඳයි. එයා ට සනීප නෑ, පැරලයිස් වෙලා ඉන්නේ. එක නිසා ගෙදර ඉස්සර ඉඳන්ම උයන්නේ කරන්නේ තාත්තා. තාත්තට උයන්න කරන්න එහෙම පුළුවන්.


එත් wife අපු මුල් කලේ ඉඳලම වගේ තාත්තට පෙන්නේ කෙල්ලගේ වැරදි වගේ . කෙල්ලගේ කිසි හොඳක් දකින්නේ නැ. මම උදේ ගිහින් ගෙදර එන්න ටිකක් රෑ වෙනවා. ඉතින් සමහර දවස් වලට උයන්න බඩු නැති උනොත් wife තාත්තට කියනව මේවා නැ කියල. එතකොට තාත්ත කියන්නේ මෙච්චර ඉක්මනට බඩු ඉවර උනාද වගේ දෙයක්. ලයිට් බිල් වැඩි කියයි. නොයෙක් දේවල් කියනවා. ඒවා wife ට හිතෙන්නේ බනිනවා වගේ. සමහර විට තාත්ත ලොකුවට නොහිත කියනව වෙන්නත් පුළුවන් . එත් ඇත්තටම ඒ වගේ දේවල් හැමතිස්සෙම කියනකොට ඕන කෙනෙකුට එපා වෙනවා.

පොඩි කෙල්ලෙක් නිසා අඩු පාඩු ඇති, කව්රුත් perfect නෑනේ. එහෙමයි කියල හැම පොඩි වරද්දම පෙන්න පෙන්න හොඳක් කියන්නෙම නැතිව ඉන්නකොට ඕන කෙනෙකුට එපා වෙනවනේ.
එත් කෙල්ලත් සමහර දේවල් ඕනවට වඩා හිතනවා කියල මට හිතෙනවා. එත් මට තාත්තව defend කරන්න බෑ.

පුංචි අම්ම ට උනත් wife හොඳින් සලකනවා. ඒ දෙන්න අතර ප්‍රශ්නයක් නෑ. ඒ කොච්චර සැලකුවත් එක දවසක් අඩු පාඩුවක් උනොත් තාත්තට අල්ලන්නේ නැතුව යනවා..බනිනවම නෙවෙයි, එත් නුරුස්සන කතා කියනවා

තාත්තා සමහර වෙලාවට හිතන්නේ wife මාව යටත් කරන ඉන්නවා කියල වගේ. එහෙම දෙයකුත් නැ. තාත්තගේ උද්දච්ච් කම මාන්නය වැඩි මොකක් නිසා
එහෙම වෙලාද කියල මට හිතන්න බෑ. ඉස්සර එහෙම නෑ. කොහොමත් තාත්ත අපිට ගොඩක් හොඳින් ආදරෙන් සැලකුව. එත් එයාගේ තිබ්බ ලොකුම සහ එකම දුර්වල කම වෙච්ච මාන්නය නිසා එයටයි මටයි ලොකු පාඩුවක් වෙලා තියෙන්නේ. හොඳින් ඉන්නවනම් wife එක්ක හොඳින් ඉන්න බැරි කමක් නෑ .


මේ ප්‍රශ්නය නිසා මම ගොඩක් අසරනයි. ලොකු රණ්ඩුවක් වෙලා නම් නෑ. එත් ඒ දෙන්නගෙම හිත් හරි නෑ . මම හරිම අසයි තාත්තටයි පුංචි අම්මටයි සලකාගෙන හොඳින් ඉන්න. එත් wife කැමති නෑ තාත්තට. එයට පෙන්නේ තාත්ත නපුරු මනුස්සයෙක් කියල.
තාත්ත හොඳින් හිටියොත් ටික කාලයක් දැන් උනත් wife ත් එයාට හොඳින් සලකයි. එත් තාත්තා හොඳ වෙන පාටකුත් නෑ. හොඳින් මූණ බලල හිනා වෙලා කතා කරන්න විතරයි එයාට කරන්න තියෙන්නේ. එත් එකවත් කරන්නේ නෑ.

මම දවසක් තාත්තට කිව්වා, එත් එකෙන් උනේ තවත් අවුල් උන එක විතරයි. එයා කැමති නැ එයාගේ වැරදි කියනවට.

දැන් wife හිතාගෙන ඉන්නේ මේ ලෝකේ නපුරුම මනුස්සය අපේ තාත්ත කියල. මන් එහෙම හිතනවට අස නෑ. මන් දන්නවා එක එහෙම නෙවෙයි කියල. එත් එයාට ගිහින් තියෙන්නේ ඒ වගේ image එකක්. මේ ප්‍රශ්නේ නිසා අපි දෙන්න අතරෙත් ප්‍රශ්න. අපි දෙන්න අතරේ වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. හරිම හොඳින් ඉන්නවා. මේක නිසා ඇතිවෙන ප්‍රශ්න විතරයි තියෙන්නේ.

ලෙඩ වෙලා ඉන්න පුංචි අම්මට සලකනවා wife. එත් තත්තටනම් ලොකුවට ආදරෙන් සලකයි කියල හිතන්න අමාරුයි. ම wife ඉගෙන ගෙන තිබ්බට එයට වයස 22යි, මහා ලොකු සමාජ අවබෝදයකුත් නෑ. එක නිසා මොනවා උනත් අපි මයිත්‍රී කරමු වගේ ඒවා කියල තේරුමක් නෑ එයාට. එයාගේ පැත්තෙන් එයා සාදාරනයි.

මම මේ සිද්දියෙන් ගොඩක් තැලෙනවා.

මට උපදෙසක් දෙන්න

0 comments:

Post a Comment