Wednesday, August 17, 2016

හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න

කොල්ලනේ , දවස් ගානක ඉදන් අපි දිහා කවුරු හරි සෙට් එකක් පට්ටම සෝදිසියෙන් ඉන්නවා බන් ..
එහෙම කියන්නේ රෑට තාප්පේ පිටි පස්සෙන් අඩි සද්ද .. ගෙදර ළඟ ගහක් තියනවා ..
පට්ට උස ගහක් . රෑට උඩ පේන්නේ නැති . ඒක දිහා බලන් බල්ලා බුරනවා හැමදාම .
අනික් දේ තමයි බන් කවුරු හරි අපේ බල්ලාට මස් කටු දෙනවා දවස් ගානක ඉදන් ..
ඌ රෑ 8 වගේ ඉදන් ඒවා කාල ඇඟට පණ නැතිව ඉන්නවා ..
අපේ බල්ලා වෙනදා කොස් කොලයක් වැටුනත් බුරනවා හෝ ගාල ..
ඒත් ලඟකදී ඉදන් බල්ලා ඌට තට්ටු කරත් එච්චර ගණන් ගන්නේ නැති ගානක් තියෙන්නේ ..
මේ අතරේ පෙරේදා හරියටම රෑ 2 කට අපේ ගෙදර මිදුල හරහා දාල තිබුන ලාල්ලක මනුස්සයෙක් හැප්පුන සද්දයක් ඇහුනා යාන්තමට අපිට . මිනිහෙක් කියලා සුවර් ..
නිකන් අර අත්වැරදීමකින් හප්පුනාම එනවා වගේ සද්දයක් .. බල්ලගෙන් නෙමේ ..
උඩ වහලේ උළු සද්ද වෙන සද්දයක් ආවා ඊට ටිකකට කලින් .
අපේ තියෙන්නේ ස්ලැබ් එකක් දාල යට කෑල්ල විතරක් හදාපු ගෙදරක් .
උඩින් බැහැලා එන්න පුළුවන් පහල තාප්පෙට ඉනිමගක් තියලා නැගලා ස්ලැබ් එකෙන් බැහැලා ..
පඩි පේලිය දිගේ ..
ඊට පස්සේ උදේ බලද්දී එතන සෙරෙප්පු නොදාපු කකුලක අඩියක් තියනවා ..
හොදම වැඩේ කියන්නේ ඒ අතර තුර බල්ලාව සුක්ෂම විදියට ගෙදරින් එලියට ගෙන්නාගෙන තියනවා
මස් කටු දෙන්න .. කොහොම උනත් ඊට පස්සේ බල්ලා ඇවිල්ලා වැටිලා නිදා ගත්ත .
කොහොම උනත් ලඟකදී ඉදන් කවුරු හරි කට්ටියක් අපි ගැන මාර ටච් එකේ ඉන්නවා .
මුන් පට්ට කපටි සෙට් එකක්.
ඒ කියන්නේ මුන් බල්ලා බුරන එකට අපේ අවදානය පිටට යවන්න එක එක වැඩ කරනවා ..
දවසක් බල්ලා බුරද්දී මහා රෑ අපි එලියට බැහැලා බැලුවා .
මෙන්න තාප්පේ දිගේ කවදාවත් දැකපු නැති පුසෙක් ඇවිල්ලා .
ඒත් බල්ලා ගහ දිහා බලන් බිරුවේ .
අපි ඒ වෙලාවේ හිතුවේ අයියෝ මූ මෙච්චර බුරන්නේ මේ පුසට නේද කියලා ..
ඒත් ඇත්තටම දැන් හිතල බලද්දී වෙලා තියෙන්නේ බල්ලා බුරලා තියෙන්නේ අර ගහ ට නැග්ග කාට හරි ..
පුසා අපේ අවධානය පිටට යවන්න තාප්පෙන් දාපු එකෙක් .
තවත් දවසක ඕකම උනා .. එදා ඉදියේ අර කැලෑ වල ඉන්න ඉබ්බෙක් ..
එදත් අපි රැවටුනා ..අයියෝ මු ඉබ්බාට නේ බුරන්නේ කියලා ..
ඒත් ඉබ්බා එතනට ආවේ කොහොමද කියල අපි කවුරුත් හොයල බැලුවේ නැහැ .
දැන් සින් එක තේරෙනවා .
ගස් උඩ ඉඳන් ..
තාප්පේ දිගේ වහලට නැගලා මිදුල හරහා එහා ගෙදර තාප්පෙන් මූ ගිහින් ..
බල්ලාගේ අප්‍රාණික ගතිය .
මස් කටු .
බුරනකොට එන පුසෝ ..
අඩි සද්ද ..
අනිවාර්යෙන්ම මේ සිද්දී වල .. සම්බන්දයක් තියනවා .
මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ බන් මේ ප්‍රශ්නෙත් එක්ක .
මට කෑමක් වත් නැහැ .
මන් රෑට නිදා ගන්නෙත් නැහැ බන්
හැමදාම රෑ 11 උදේ හතර වෙනකම් මම අවදියෙන් ඉන්නවා
මට උදව් කරපල්ලා කොල්ලනේ ..

මේකට මම ම විසඳුම් දෙකක් තුනක් හිතුවා ..
පුළුවන් නම් කියපල්ලා මේවා ගේ හොද නරක වාසි අවාසි .

CCTV cam දෙකක් වත් වත්ත දෙපැත්තේ ගහන්න .
මෝෂන් සෙන්සර් බල්බ් එකක් හයි කරන්න .
අලුතෙන් බල්ලෙක් ගෙනල්ලා කුඩුවක දාල හදන්න .
දැන් ඉන්න බල්ලා සමාජේ බැහැලා වැඩියි .
ඌ හිතුන හිතුන වෙලාවට එලියට යනවා ඒ වගේ ..

මිට අමතරව මගේ කතාව කියවලා උබලට හිතෙන දේ කියපල්ලා .
ගොඩක් පින් ..
දවස් ගානකින් නිදා ගෙන නැහැ .
හදිස්සියක් උනොත් ගේන්න ගන්නත් යාළුවො ටිකක් සෙට් කරල තියෙන්නේ ළඟ .
ඒත් මේකට මට උබලගෙන් හොද උත්තරයක් ලැබෙයි කියලා හිතනවා .

plz බලල නිකන් යන්න එපා හැමෝම කමෙන්ට් එකක් දාපන් .
කවද හරි උබලටත් වැදගත් වෙන්න පුළුවන් මොකක්ම හරි දෙයක්ක් මේ ත්‍රෙඩ් එකේ තියන .

1 comments: